විදුහල්පති :- පි.ජි. නිමල් ජයරත්න

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් අප පාසල සිසුන් 1700කට අධික සංඛ්‍යාවකට සිප් සතර ලබාදෙන ප්‍රදේශයේ දීප්තිමත් පාසලකි. දිනෙන් දින දියුණුව කරා පියනගන පාසලක් වන මෙහි පසුගිය වසරවල අධ්‍යාපනික මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින්ද කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබුණී.පාසලට සම්බන්ධ විවිධ පාර්ශව සමඟ පහසුවෙන් අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය මහඟු පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරමි. මෙම කාර්යය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ට හා ශිෂ්‍ය කණ්ඩායමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.අවසානයේ මාගේ පාසලේ සියළු දරු දැරියන්ට අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය සමගාමී කටයුතු වලින්ද ජය ලබා ගුණ නැණ බෙලෙන් යුත් උතුම් මිනිසුන් ලෙස හෙට ලොවට පියනගන්නට සුබාශිංසන ඒක් කරමි.