1911 ජුනි 06 වන දින කුඩා පොල් අතු පැල මෙම පාසල් ආරම්භ කරන ලදී. ආර්.එම්. බන්දුරාලහාමි තම පෞද්ගලික ඉඩමෙන් කොටසක් විදුහල් භූමිය වෙත ලබා දී ඔහු පලමු විදුහල්පති ලෙස පත් ළමුන් හතර දෙනකු සමඟ මෙම පාසල ආරම්භය සනිටුහන් කරන ලදිී. පළමු ගුරුවරයා ලෙස සොදිරිස් බණ්ඩාර මහතා ස්වෙච්ඡාවෙන් සේවයට බැඳුණි.1911-1920 කාලය අතරතුර පැවති මැලේරියා වසංගතය නිසා පාසල් වරින්වර වසා දමා තිබේ. එහෙත් 1920 වන විට සිසුන් 60 දෙනකු පමණ සිට ඇත. 1925 වර්ෂයේ දී 06 වන ශ්‍රේණිය ආරම්භ කර ඇත.
