සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙබැද්ද නගරය මධ්‍යයේ මෙම පාසල පිහිටා ඇත.
1911 ජුනි මස 06 වන දින කුඩා පොල් අතු මඩුවකින් ඇරඹි මෙම පාසලේ ආරම්භ සිසුන් ලෙස පිරිමි ළමුන් හතර දෙනෙකු පමණ සහභාගී වී ඇත. 1911-1920 කාලය අතරතුර පැවති මැලේරියා වසංගතය නිසා පාසල් වරින්වර වසා දමා තිබේ. එහෙත් 1920 වන විට සිසුන් 60 දෙනකු පමණ සිට ඇත. 1925 වර්ෂයේ දී 06 වන ශ්‍රේණිය ආරම්භ කර ඇත.

මෙකී කාලය තුළ පාසලට සහභාගී වී ඇති ඇත්තෙ පිරිමි ළමුන් පමණි. 1935 දී මෙය මිශ්‍ර පාසලක් බවට පත් කර ඇත. 1941 දී මෙහි සිසු සිසුවිය 100 ක් පමණ හා ගුරුවරු 4 දෙනෙකු සිට ඇත. 1947 වර්ෂයේ දී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් ආරම්භ කර ඇති අතර 1947 දී 06 ශේණියෙන් ඉහළ පංති ආරම්භ කර ඇත. එසේම ගොඩනැගිලි එකක් ඉදිකර ඇත. 1951 ජේ්‍යෙෂ්ඨ විභාගය සඳහා පන්තියක් ආරම්භ කර ඇත. 1952 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 250 ක් දක්වා වර්ධනය වී ඇති අතර,1955 වන විට එය 330 ක් දක්වාම වර්ධනය වී ඇත. ඉඩකඩම මදිවීම නිසා 1959 දී දෙවරු පාසලක් බවට පත්ක කර ද්විතික ශේණි උදය වරුවේත්, ප්‍රාථමික ශ්‍රේණි හවස වරුව ඉගැන්වීමටේ ඉගැන්වීමට කටයුතු කර ඇත.1966 වර්ෂයේ දී අඩි 100 * 20 ගොඩනැඟිල්ල ඉදි කර ඇත. 1967 දී කුඩා කාර්යාලයක් සහිත අඩී 50 * 20 ගොඩනැගිල්ල ඉදි කර ඇත. 1967 ජනවාරි මස 06 වන දින මහා විද්‍යාලයක් බවට උසස් කර ඇත. 1967 දී පාසලේ වත්මනෙහි භාවිත වන බුදු මැදුර ප්‍රජා දායකත්වය ඉදිකර ඇත.
1989 වර්ෂයේ දී අඩි 90*25 දෙමහල් ගොඩ ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර, 1990 වන විට සංඛ්‍යාව 100 ක් විම නිසා තවත් දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කර ඇත.1998 වනවිට සිසු සංඛ්‍යාව 978 දක්වා පහත් බැස ඇත. එම වර්ෂයේදී පාසලට අංගසම්පූර්ණ පුස්තකාලයක් ආසියානු සංවර්ධන සමිතිය යටතේ ලබා දි ඇත.1999 වර්ෂයේ දී පරිගණක මධ්‍යස්ථානයක් පාසල ලබා දී ඇත මධ්‍යස්ථානයක්ද පාසල ලබා දී ඇත. 2004 වර්ෂයේ දී පාසලට වටා තාප්පය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර අදියර කිහිපයක් යටතේ වත්මනෙහි පවතින තත්ත්වයට නිම කර ඇත.
පාසලේ පන්ති කාමර ඉඩකඩ සීමිත වීම නිසා 2017 වර්ෂයේ දී තවත් දෙමහල් ගොඩනැගිල්ලක් පළාත් සභා පාදක අරමුදල් යටතේ ඉදිකර ඇත.එසේම පාසල් දරුවන්ගේ දෙමාපිය අනුග්‍රහය මගින් කුඩා මුර කුටියක් ඉදි කරනු ලදී .2018 දී දෙමහල් තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම් නිමකර,13 වසර අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව ඉගැන්වීම් ආරම්භ කර ඇත.
වර්තමානයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 1683ක් පමණ දක්වා වර්ධනය වී ඇති අතර ආචාර්ය මණ්ඩලය 67ක් ද අනධ්‍යන කාර්යම මණ්ඩල සේවකයන් 4ක් ද සේවයේ යෙදී සිටියි
|
||||||||||||||||||||||
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම ආර් එම් සුසිලා |
|
|||||||||||||||||||||
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව 1911 ඡුනි මාසයේ |
|
{QF3=5}